හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවට සුදත්ත තිලකසිරි නැමැති පුද්ගලයකු යූටියුබ් හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමටත් පෙර මෙම පුද්ගලයා තීන්දුව හරියටම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විමර්ශනය කරන ලෙස එජාප නීතිඥයන් කළ පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නීති අංශයේ නීතිඥ නලින් පතිරණ මහතා පැවසූයේ අධිකරණයෙන් දීමට නියමිතව තිබෙන තීන්දුවක් අදාළ ප්‍රකාශය කළ තැනැත්තා විසින් කලින් ප්‍රකාශ කරන්නේ නම් ඔහුට විනිසුරුවන් සමග හෝ අධිකරණ නිලධාරීන් සමග සෘජු සම්බන්ධතාවයක් තිබිය හැකි යැයි සාධාරණ සැකයක් ඇතිවන බවයි.මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බවද නලින් පතිරණ මහතා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නා තැනැත්තෙකුට ඇප දෙනවාද?රිමාන්ඩ් කරනවාද? කියා තීරණය කරන්නේ අධිකරණය බවත් එම තීරක අයිතිය යුටියුබ් කරුවකු පවරා ගැනීම සුළුවෙන් සැලකිය යුතු දෙයක් නොවන්න නොවන බවත් නීතීඥ නලින් පතිරණ මහතා සඳහන් කළේය.