ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද එම වාර්තාවේ සඳහන් වේ.
වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන උපදෙස් වලට පටහැනිව මෙසේ කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මියගිය විශ්‍රාම ගිය වැඩ තහනම් කළ හා සේවය හැර ගිය නිලධාරීන්ගෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට ලක්ෂ විසි දෙකකට ආසන්න මුදලක් අය කරගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම පාර්ලිමේන්තුවේ වැඩ තහනම් කෙරුණු නිලධාරීන්ගෙන් වසර දහයකට අධික කාලයක් තිස්සේ ලක්ෂ හතරකට ආසන්න මුදලක්ද අයකරගෙන නැතැයි වාර්තාව සඳහන් කරයි.