සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්යුත් දුම් වැටි දෙකට නීතිය ක්රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40000/= ක ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකි.
පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා තීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් තීරෝද රථය නවතා සිංගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම් වැටි දෙක හමුවී තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ජාතිකයා අමතා මෙය අධිකරණයට ඉදිරිපත් කළොත් රුපියල් 50000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් රුපියල් 40000/= ක් ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.