මිනුවන්ගොඩ දෙවලපොල ප්රදේශයේ සිදුකල හදිසි වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, අපරාධ සදහා භාවිතා කළ බවට සැකකෙරෙන යතුරු පැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගස්පිටිය ප්රදේශයේ පදිංචි (55) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි .
පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබූණි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිසියට භාරදී තිබේ.