මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 08ක් තබාගත් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි.
මෙවර රන්දෝලි පෙරහර නැරඹීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් පැමිණේයැයි අනුමාන කරන බැවින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් කණ්ඩායම් යෙදවීමට බලාපොරොත්තුවනන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (04) පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
පෙරහර බලන මුවාවෙන් ජනතාව අතර සිටිමින් විවිධ අපරාධ ක්‍රියාවලට යොමුවිය හැකි පුද්ගලයන් සිටින බැවින් වැනි සැකකටයුතු පුද්ගලයන් හඳුනා ගතහොත් වහාම ළඟම සිටින පොලිස් නිලධාරියා දැනුවත් කරන ලෙසද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහජනතාවට දැනුම් දේයි.
මහනුවර නගරය හරහා මහියංගනය මාතලේ එවැනි දිශාවන්ට යාම සඳහා පැමිණෙන ජනතාව වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද අධිකාරිවරයා මහජනතාවට දැනුම් දෙයි.
එසේම පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් රැගෙන එන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය පෙරහර මාර්ගයේ තැන තැන නොදා ඒවා සුදුසු ස්ථානවලට බැහැර කිරීමට පියවර ගන්නා ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉල්ලීමක් කළේය.