අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවූම් මාර්ගයේදී කන්ටේනර රථ රියදුරෙකු ලොරියක ගැටී සිදු වූ අනතුරකින් මියගිය බව අතුරුගිරිය අධිවේගී මාර්ග අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ අලවතුගොඩ සයිස්ටන් පෙදෙස පදිංචිව සිටි ඩබ්ලිව් කේ .ඒ. පි. වර්ණසිරි (49) යන අයයි.
මියගිය කන්ටේනර් රථ රියදුරා ටයිල් තොගයක් පටවාගෙන කඩවත පිවිසුමෙන් ඇතුළුව මාතර දෙසට ධාවනය කරමින් සිටියදී ටයිල් තොගය ආවරණය කර තිබූ ටෙන්ට් රෙද්ද ගැට ගසා තිබූ ලණු බැමි බුරුල්වීම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් ප්‍රදේශයේ කිලෝමීටර් 5 යි දශම 8 ප්‍රදේශයේදී කන්ටේනර් රථය නවතා එහි පිටුපසට පැමිණ ලනු බැමි නැවත ගැට ගසමින් සිට ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පොල්ලෙහි රැගෙන යාම සඳහා කඩුවෙල සිට හොරණ ට යාම සඳහා ධාවනය වෙමින් තිබූ ලොරිය කන්ටේනර් රියදුරාගේ ගැටි ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේදී මඳ වේලාවකට පසු මිය ගිය පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුකළ පහළ ගිරිබාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ලොරි රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත