2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09කින් ප්‍රමාද වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදෙන විසඳුම් මත හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්‍ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්වූ බවත් සුගතදාස මහතා සඳහන් කළේය.