දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.
අනතුරට පත් වෑන් රියේ ගමන් ගත් තවත් හතර දෙනෙකු තුවාල ලබා අගුණකොළපැලැස්ස ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම දෙනිපිටිය ,වරකාපිටිය ප්රදේශයේ පදිංචි ඥාණවතී සහ නිලූකා යන නම් වලින් හදුන්වන අවු 40 සහ 60 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනකු බවද පොලිසිය සඳහන් කරයි. අගුණකොළපැලැස්ස අධිවේගී මුරපොළේ පොලිස් නිළධාරින් විසින අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .