ශ්රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි.
එම මණ්ඩලයේ කටයුතු වලට මෙම සේවක පුරප්පාඩු විශාල වශයෙන් බාධාවක් බව එහි ආරංචි මාර්ග ප්රකාශ කළේය.
කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලයට අනුමත කර ඇති සේවක ප්රමාණය 26783කි.
එහි දැනට සිටින්නේ සේවකයන් 22247 දෙනෙකු පමණක් බව එම මණ්ඩලය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ.