ලබන වසරේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව සකස් විය යුතු බවත් ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.
2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පැවසුවේය.
බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදු වලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ශක්තිමත් පියවරයන් ලබන වසරේ අයවැයට ඇතුළත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම රාජ්‍ය වියදම් හිඟයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වන පියවර යන්ද අයවැයට ඇතුළත් වීම ඉතා වැදගත් බවද ඔහු පැවසුවේය.
රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යවසායන්, ප්‍රසම්පාදනය හා රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳව ඉදිරියේදී සකසන පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා හොඳම භාවිතයන්ට අනුකූල විය යුතු බවද පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය .
මූල්‍ය අවදානම් අවම කිරීමටත්, බලශක්ති ක්ෂේත්රයේ මූල්‍ය තිරසරභාවයට සහායවීමටත් විදුලිය හා ජලය ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක වුවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටින් අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බද්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට ඇති අවදානම ඉහළ දමන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම මතුව ඇති ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ වර්තමාන භූ දේශපාලනයේ නිරන්තරයෙන් සිදුවන වෙනස් වීම්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට තිබෙන අවදානම ඉහල දමන බවද ඔහු පැවසුවේය.
මෙම අවදානම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම මූල්‍ය අවකාශය නැවත ගොඩනගා ගැනීමේ සහ විදේශ සංචිත නැවත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බවද ඔහු පැවසුවේය.
මෙතෙක් අමාරුවෙන් දිනා ගත් ආර්ථික ප්‍රගතිය ආරක්ෂා කර ගැනීමට සහ මෙරටට එල්ල වන අවදානම් වලට මුහුණ දීමට ඇති හැකියාව පුළුල් කරගැනීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉඩ සලසා දෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මෙරටට එල්ල වන අවදානම ඇස්තමේන්තු කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ පරාමිතීන් තුළ සිට එම අවදානම් අවම කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග තීරණය කරනු ඇතැයි ද ඔහු පැවසුවේය.
මේ රට සාර්ව ආර්ථික ස්ථාවලත්වය පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ආදායම වැඩිකර ගැනීමට තිරසාර උත්සාහයක් ගතයුතු බවද පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක් වන මැදිකාලීන ප්‍රාථමික ශේෂ ඉලක්කය සපුරා ගැනීම සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
සියයට 2.3 ක ඉලක්කය මෙරට ණය තිරසාර භාවය ඇතිකර ගැනීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සියල්ලම සිදු කරන අතරතුර දැඩි අවදානමට ලක් වූ පුද්ගලයන් ආරක්ෂා කිරීමද ඉතා වැදගත් බවද ඔහු පැවසුවේය .
මෙරට ආර්ථික වර්ධනය සඳහා මිල ස්ථායිතාවය සහ මුදල් ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරියටත් මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බවත් අයවැය මූල්‍යකරණයෙන් වැළකී සිටිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
එසේම වංචා හා දූෂණ ඇති විය හැකි අවස්ථා අවම කිරීමට රාජ්‍ය ක්‍රියාකාරී සැලසුමේ ඇති රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බවද ඔහු පැවසුවේය.
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් එය බලාපොරොත්තු ඉක්මවා යාමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
රජයේ ආදායම අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ද එයට එකතු කළ අගය මත බද්ද හා ආනයනය කරන වාහන සඳහා පනවා ඇති බදු සහාය වී ඇති බවද ඔහු සඳහන් කළේය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පසුගිය 21 සිට අද (25) දක්වා මෙරට සංචාරයක නිරත විය.
මෑතකාලීන සාර්ව ආර්ථික සංවර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ඇති ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන තිබෙන ප්‍රගතිය සාකච්ඡා කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ මෙරට සංචාරයේ අරමුණ වූවේය.