වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමිමේ සිද්ධීන්වලට අදාළව කැකරාව,මහව, කැබිතිගොල්ලෑව සහ හිඟුරක්ගොඩ අධිකරණවල නඩු හතක් විභාග වෙමින් පවති.
කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණක් දැනට නඩු හතරක් විභාග වෙමින් පවතී.
ඊට අමතරව තවත් දළ ඇතෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළ තවත් නඩුවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විභාග වෙයි.
කැබිතිගොල්ලෑව සහ මහව මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහි ද දළ ඇතුන් වෙඩි තබා මරා දැමීමේ සිද්ධීන්වලට අදාළ තවත් නඩු දෙකක් විභාග වෙමින් පවතී.
ඒ අනුව දැනට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විභාග වෙමින් පවතින්නේ බරණ සහ රේවත සහ දීග දන්තු එක සහ සුමේධ යන නම් වලින් හඳුන්වන දළ ඇතුන් ඝාතනය කිරීමේ අපරාධ වලට අදාළ නඩු හතරකි.
ඊට අමතරව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ යුනිකෝන් නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුවකි.
කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ මහේශාඛ්‍ය නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා බිම දමා පණ පිටින්ම පොරවකින් එක් දළක් කපා රැගෙන යාමෙන් පසුව එම ඇතා මිය යාමේ සිද්ධියට අදළ නඩුවයි.
මේ අතර ආසන්නම සිද්ධිය වු භාතිය නමින් හඳුන්වන ඇතාට වෙඩි තැමීම නිසා මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබා පසුව මිය යාමේ සිද්ධියට අදාළ නඩුව මහව අධිකරණයේ විභාග වෙමින් පවති.