ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (21) සවස අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය.
එහිදී ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනිඅවියක්, එම පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගෙන තිබේ.
අදාළ සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට පත්ව ඇත.
කෙසේවෙතත් අප වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහුව පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බවය.
සැකකරු අවුරුදු 30ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු යම් අපරාධයක් සිදුකිරීමට මෙලෙස ගිනිඅවියක් සමඟ පැමිණ ඇතැයි පොලීසිය සැක පළ කරයි.
කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.