ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දෙරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (20) අලුයම සිට මෙම වාන් දොරටුව විවෘත කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසීය.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දෙරටු ස්වංක්‍රීයවම විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් විමසිලිමත් බවින් සිටින ලෙසද එම ඒකකය ඉල්ලා සිටියි.
එමෙන්ම ප්‍රදේශවලට ඇද හැලෙස අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් තිබේ.