කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර නුගගොඩ නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතා වන රසික විතාන මතුගම නගරයේදී එම සැක කටයුතු ජීප් රථය සමඟ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.