බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් අද (19) අලුයම නැවත පැමිණෙමින් සිටි බහු දිනයාත්‍රාවක ධීවරයකු මුහුදටට වැටී අතුරුදහන්ව ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ බේරුවල පැපිලිය ගහ ලන්ද සුනාම නිවාස සංකීර්ණයේ පදිංචිවව සිටි ධීවරයෙකි.
“සුබ පැතුම්” නැමැති බහුදිනයාත්‍රාව අද(19) අලුයම ඈත දියඹේ සිට බේරුවල ධීවර වරාය දක්වා පැමිණීමේදී රාත්‍රියේ හටගෙන තිබූ දැඩි සුළං හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවත් යාත්‍රාව ගොඩට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සෙසු ධීවරයන්ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන බව බේරුවල පොලිසියේ වැඩ බලනස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා පැවසීය.