බැඳුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමකින් කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන ලබාගත් බව පැවසෙන හිටපු සහ වර්තමාන මන්ත්‍රීවරුන් දස දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ පිරිස අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර ඇති නමුත් මත්පැන් සමාගමෙන් මුදල් ඇතුළු විවිධ වරදාන ලබා ගැනීමෙන් පසු එලෙස විවේචන කිරීම අත්හැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත
මත්පැන් සමාගමෙන් එම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් සොයාගෙන ඇත. එම චෙක් පත් පිළිබඳ පරීක්ෂණ මෑතක සිට අලුත් වටයකින් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
බැඳුම්කර සිද්ධිය පිළිබඳව මුලින්ම විමර්ශන පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසිනි.
ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු එකී විමර්ශන අඩපණ වූ අතර අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස පසුගියදා නැවත පත්කරනු ලැබීය.