දික්කසාද නඩුවක තීන්දුව කාන්තාවට වාසිදායක වන අන්දමට දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී කදුරුවෙල ක්වාසි විනිසුරුවරයා සහ එහි ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උදාළ කාන්තාව විසින් කළ පැමිණීල්ලකට අනුව කළ වැටලීමකදී කදුරුවෙල ක්වාසි අධිකරණ පරිශ්රයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.