යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් ඊයේ (4) ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් කොමොඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමනු ලැබීය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ යුද හමුදාපතිවරයා සුහද කතා බහක නිරත වූ අතර, අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් කරමින් සමරු ඵලක හුමවාරුවක්ද සිදු කරනු ලැබීය.
මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.