අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18 ක පිරිසක් ප්රතිලාභ ලබනවා. තවත් ලක්ෂ 9 ක පිරිසක් ඊට ඉල්ලම් කර තිබෙනවා. 2024 වසරේ වත්මන් ජනපතිවරයා බලයට පත්වන වන විට දුගී ජනතාව ලක්ෂ 18 කට ආසන්නවී තිබුණ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද පැවැසීය.
ඔහු ඒ බව පැවැසූවේ ග්‍රාමීය දිළිදුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන ‘ප්‍රජා ශක්ති‘ ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙල සම්බන්ධයෙන් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
‘ප්‍රජා ශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සවස 2.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය.
මෙරට ග්‍රාම සංවර්ධනය සහ දිළිදුබව තුරන් කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ අන්තර්කරණීය සංවිධාන ව්‍යුහයක් හදුන්වාදීමත් දිළිදුබව තුරන් කිරීම සදහා ප්‍රජා සහභාගිත්ව සංවර්ධන ප්‍ර වේශයක් හදුන්වාදීමත් මෙහි අරමුණ වේෙ
2000 වසරේදී දුගී පවුල් සංඛ්‍යාව ලක්ෂ 11 ක්ද, 2010 වසරේදී පවුල් ලක්ෂ 15 ක් ද, 2024 වසරේදී ලක්ෂ 18 කට ආසන්න සංඛ්‍යාවක් ලෙස වාර්තාගත වෙලා තියෙනවා. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ආධාර මත යැපෙන පවුල් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා.