අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්රය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්රතික්ෂේප කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශාංක මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
මූලික විරෝධතා ප්රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කළේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා මහාධිකරණය හමුවේ විභාග කළ හැකි බවය.
එමෙන්ම එම අධි චෝදනා ඉදිරිපත් කිරීමේදී කාර්ය පටිපාටියේ දෝෂයක් සිදුවී නොමැති බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 05 වනදා විභාගයට ගැනීමට ද විනිසුරවරයා නියම කළේය.