කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සඳහා කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 30 වැනිදින රාත්රියේදී කහ වත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු කහවත්ත ඇන්දාන කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.
පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි පිරිසක් එම ඝාතනය සිදුකර තිබුණි.
එහිදී එක් තරුණයකු තුවාල ලැබු අතර වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණෙ ඉමන්ත සුරංජන් නමැති 22 හැවිරිදි තරුණයකි.