ටික් ටොක් මාර්ගයෙන් දින කීපයකට ඉහතදී මිතුරු වූ පෙම්වතා රන් මුදුව රැගෙන මගහැරීම හේතුවෙන් උරණවූ පෙම්වතිය, පිරිසක් යොදවා පෙම්වතාට පහරදී කොල්ලකෑම සම්බන්ධයෙන් පෙම්වතිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වුවත් අතර පෙම්වතියගේ හොඳම මිතුරිය හා ඇයගේ පෙම්වතාද වන බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් තම මිතුරියගේ පරණ පෙම්වතාට පහරදීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබූ රුපියල් 3000 ක මුදලක් , රුපියල් 150000 ක ඇපල් වර්ගයේ දුරකතනයක් , යතුරු පැදියට අයත් ආරක්ෂක හිස් වැසුමද කොල්ල කා යතුරුපැදියටද රුපියල් 14000 ක අලාභයක් සිදු කරතිබිණි