කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙහි අරමුණ බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කෙරේ.