එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (27) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවෙිය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි වජිර අබේවර්ධන මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක අටපිරිකර පූජා කොට ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි වජිර අබේවර්ධන මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහානා හිමි බැහැදුටුවේය.
මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අබෙිවර්ධන මහතා කීවේ වෛරය, ක්‍රෝධය, කුහකකම නැති වී මුලු රාජ්‍ය යාන්ත්‍රණයම සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන බවයි.