කූඨ ලෙස සකස් කර ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ෙ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 28 හැවිරිදි වියේ පසුවන ද්‍රවිඩ ජාතික තරුණයන් දෙදෙනෙකි .
අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 397 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි