ගාල්ල මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අද (20) උදෑසන ආරම්භවීමට නියමිතය.
සභිකයන් 36 දෙනකුගෙන් සමන්විත ගාල්ල මහ නගර සභාවේ 50% වැඩි සභික ධූර සංඛ්‍යාවක් කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එහි නගරාධිපතිවරයා සහ උප නගරාධපතිවරයා තෝරා ගැනීම අද (20) විශේෂ කොමසාරිස් ඉදිරියේ දී සිදුකෙරෙනු ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයන් 17 දෙනකු, සමගි ජන බලවේගයෙන් සභිකයන් 09 දෙනකු, එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 05 දෙනකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 03 දෙනකු සහ පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයන් 02ක් පත්ව තිබේ.