වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද එම කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.
අයථා ලෙස ඉපයූ මුදල්වලින් දේපොළ ලබාගෙන ඇති බවට පාර්ශව කීපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොට්ඨාශය පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තුවරුන් වන මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍ය වරුන්වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍ර වන්නි ආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර පිය දර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශනඛයා රාසමානිකයම්, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්යාන් සහ ශාන්ත අබේසේකර ඇතුළු දේශපාලනඥයන් පිරිසක් සිටින බව එම කොට්ඨාශය කියයි.