දේශීය මුං අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි දේශීය මුං ගොවීහු පවසති.
පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීහු විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම තත්ත්වයට හේතුව බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති
මාතලේ විල්ගමුව ප්‍රදේශයේ බහුලව ගොවීන් දේශීය මුං ඇට, කවුපි, උඳු ,තල ආදී ධාන්‍ය වර්ග වගා කරති.
ගොවින් සඳහන් කරන්නේ මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලද මුං ඇට විශාල වශයෙන් වෙළඳපොලේ පැවතීම නිසා තමන් දේශීය නිෂ්පාදනය කරන ලද මුං ඇට කිලෝවක් රුපියල් 400ක මිලකටවත් අලෙවි කර ගැනීමට නොහැකි බවය.
ඒ අනුව තම නිෂ්පාදන නිවෙස්වල ගොඩ ගසාගෙන ඇත්තේ පසුගිය වසරේ දහවැනි මාසයේ සිට බවද ඔවුන් කියති .
කිසිදු පාලන සමයක මුං ඇට අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අපහසුතාවයකට පත්වන්නට නොවූ බවත් සෑම වසරකම රුපියල් දහසක ආසන්න මිලයකට මුං ඇට අලෙවි වූ බවත් ඔවුහු පෙන්වා දෙති.