ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සියල්ල සූදානම් නමුත්, ප්‍රහාරයක් එල්ල කරනවාද නැද්ද සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් මේ වනවිට ඉරානයට යටත් වන්නැයි අණ දී ඇති අතර, ඉරානය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඊට අමතරව, ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට තමන් උපරිම අයුරින් සහාය දෙන බව ද ට්‍රම්ප් පවසා ඇත.
මේ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර සතියකට වැඩි කාලයක් පවතින යුද ආරවුල මධ්‍යයේ, දෙපාර්ශ්වයෙන්ම දිගින් දිගටම ප්‍රහාර හුවමාරු කරගනිමින් සිටී. විදෙස් වාර්තා පැවැසුවේ, ඊශ්‍රායලය ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළ බවය.
ඊශ්‍රායලය මෙසේ ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළේ, ඉරානයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ බීර්ෂෙවා නගරයේ සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයට හානි සිදුවීමත් සමඟය.
ඉරාන ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිහිටි ස්ථානයේ, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රීය කර ඇති බවත් එය ද ඉලක්ක කරගනිමින් තමන් පහර දුන් බවත් ඊශ්‍රායලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.