ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් (Digital Repository) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීමේ අදියර – 01 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021-04-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී ඇත.
යෝජිත ව්‍යාපෘතිය මඟින් ජාතික ලේඛනාගාරයේ මූලික කාර්ය භාරය වන තොරතුරු සංරක්ෂණය සහ ඒ සඳහා ප්‍රවේශ්‍යතාව ලබා දීමට අත්‍යවශ්‍ය වන මෘදුකාංග ස්ථාපිත කිරීම අපේක්ෂා කරනු ලබයි.
අන්තර් ජාතික අධිලේඛන කවුන්සිලයේ අරමුදලක් මඟින් යුරෝ 7,000 ක ප්‍රදානයක් ජාතික ලේඛනා
ගාරය වෙත ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතියේ වියදමින් කොටසක් ආවරණය කර ගැනීම සඳහා එම මුදල යෙදවීමට සැලසුම් කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ජාතික ලේඛනාගාරය විසින් මහජනතාව වෙත සලසන සේවාවන් වඩාත් ඵලදායීව භා කාර්යක්ෂමව සැලසීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය 2025-2027 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.