කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී උණ්ඩයක් යකඩ ඉලක්ක පතයේ වැදි එහි කොටස් විසිවීම හේතුවෙන් කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා සැරයන්වරයෙක් තුවාල ලැබූවන් අතර වන බව පොලිසිය සඳහන් කරයි
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ප්රධාන පොලිස් පරීක්ෂක තුෂාරද සිල්වා සහ පොලිස් පරීක්ෂක, බි එස් . සිල්වා , පොලිස් සැරයන් (40474) කුමාර යන තිදෙනායි .
පොලිස්පතිතුමාගේ නියෝග පරිදි කළුතර විශේෂ කාර්ය බලකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී පිස්තෝල වර්ගයේ ගිනි අවි පුහුණුවීමක් ඊයේ (17) සිදුකර ඇති අතර එම අවස්ථාවේදී කළුතර උතුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් (70736) විජේසිංහ නිලධාරියාගේන් නිකුත් වූ උණ්ඩයක් යකඩ ඉලක්ක පථයේ වැදි එහි කොටස් විසිවීම හේතුවෙන් ඒ අසල සිටි කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඉහළ කොටසට ද , පොලිස් විශේෂ කාර්ය බළකා උප පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු කන අසල පහළ ප්රදේශයටද , පොලිස් සැරයන් වරයාගේ උදරය ප්රදේශයටද එම උණ්ඩ කොටස් වැදි තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.