ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහෙයවනු ලබන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය මඟින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර එමගින් නැවත භාවිතය සඳහා ලැබෙන මූල ද්‍රව්‍ය, ඒ සඳහා සුදුසු නිමැවුම් වෙනුවෙන් භාවිතා කිරීමට සහ ස්වභාවික සම්පත් මඟින් ඍජුවම ලබා ගන්නා වූ අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමට සැලසුම් කර ඇත.
යෝජිත ව්‍යාපෘතියේ යන්ත්‍ර සූත්‍ර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒකල කාර්මික ජනපදයේ ඇති පෙරසවි කොන්ක්‍රීට් අංගනයේ ස්ථාපිත කිරීම සුදුසු බවට හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, “Clean Sri Lanka ” වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන භාවිත කරමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.