කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කැලණි ගංගා ද්‍රෝණිය ආශ්රිත ජල පෝෂක ප්‍රදේශ මේ වන විට දරුණු ලෙස හායනය, පහළ නිම්නවල අවසාදිත තැන්පත් වීම, වැලි ගොඩ දැමීම, භූමි පරිහරණ රටාවන් වෙනස් වීම, නාගරීකරණය, කාර්මීකරණය, ජල පෝෂක ප්‍රදේශ දූෂණය සහ ජල ගුණාත්මක භාවය පිරිහීම ආදී සාධක හේතුවෙන් විශාල පාරිසරික ගැටලු වලට මුහුණ දෙමින් සිටී.එම කරුණු සැලකිල්ලට ගනිමින්, කැලණි ගඟ සඳහා සරල හා ආන්තික උප ජලාධාර තොරතුරු වලින් සමන්විත කළමනාකරණ සැලසුම් ඇතුළත්ව ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ජලපෝෂක ප්‍රදේශ නගා සිටු වීම සඳහා ඒ සම්බන්ධිත ආයතන සහ ජල පෝෂක ප්‍රදේශ වල ජනතාව සමඟ එක්ව එම සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, “Clean Sri Lanka” වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යොදා ගෙන 2025 සහ 2026 වර්ෂයන් තුළ කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කර මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.