ඊශ්‍රායලය ඔවුන් සතු න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ඉරානයට පහර දීමක් කරන්නේ නම්, පාකිස්තානය ඉරානයේ සහායට පැමිණෙනු ඇති බවත්, පාකිස්තානය ඔවුන් සතු න්‍යෂ්ටික අවිවලින් ඊශ්‍රායලයට පහර දෙනු ඇති බවත් ඉරානය පවසයි.
ඉරානය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට හමුදා අණ දෙන නිලධාරියකු වන ජනරාල් මොහ්ෂෙන් රාසායි ය.
ඕනෑම දරුණු ප්‍රහාරයකදී ඉරානයේ සහායට පැමිණෙන බවට පාකිස්තානය ප්‍රතිඥා දී ඇතැයි ද ජනරාල් මොහ්ෂෙන් රාසායි වැඩි දුරටත් පැවැසීය.