කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයාව සිටියදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් කෝටි පහළොවකට අධික දේපළ සහ මුදල් ඉප වූයේ යැයි කියන හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරමින් අධි චෝදනා ගොනු කළේය.
අල්ලස් පනතේ 23 (1) ආ වගන්තිය යටතේ අයථා දේපළ උපයා ගනිමින් වරදවල් සිදුකිරීම යන අධි චෝදනා 03ක් යටතේ මෙම නඩුව පැවරීය.
කොළඹ හත ප්‍රදේශයෙන් කෝටි හතක ඉඩමක් මිලදී ගැනීම, කඩවත දළු පිටිය ප්‍රදේශයේ එක් කෝටි තුන් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදීගැනීම,අධි සුඛෝපභෝගී ජීප් රථ හතරක් මිලදී ගැනීම,කොල්ලූපිටිය පිත්තල හන්දියෙන් ඉඩමක් මිලදී ගැනීම,තම පුතු නාලකට කෝටි ගණනක් වටිනා අධිසුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගැනීම,සිදු කරමින් රුපියල් 153479571.64 අය ඉතා මුදල් ලිපීම සම්බන්ධයෙන් මෙම නඩු වැවරීය.