ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළේය .
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පසුගිය (24) මහරගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.