තංගල්ල හම්බන්තොට ප්රධාන මාර්ගයේ නෙටොල්පිටිය වැලිආර ප්රදේශයේ දී ලංගම බස් රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
අද (24) අලුයම 3.20 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ .
පාසිකුඩා සිට ගාල්ල බලා ධාවනය වූ ගාල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ .
තුවාල කරුවන් වහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.