වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ තිබි අඩක් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් සිය මෝටර් රථය වාහන ගාල් කරන ස්ථානයේ නවතා එහි ඩිකියේ තබා තිබු ගිනි රැගෙන අත දරාගෙන උඩුමහලේ පිහිටි නිවස කරායාමේදී ඒ බව ආරක්ෂක නිලධාරීන් විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම කාන්තාවගෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය සිතා ඇත්තේ දරුවකු සෙල්ලම් කිරීම සඳහා යොදාගත් සෙල්ලම් ගිනි අවිය දරුවකු විසින් මෝටර් රථයේ ඩිකියේ තබන්නට ඇතැයි යැයි සිතා තමන් නිවස කරා රැගෙන ගිය බවයි.
ඇය හැව්ලොක් නිවාස සංකීර්ණය වෙත පැමිණීමට පෙර අවශ්‍යතාවයක් සඳහා බොරැල්ලට ගොස් මෝටර් රථය බොරැල්ල සූසාන භූමිය ආසන්නයේද නතර කර තබා තිබී ඇති අතර එය අගුල් නොදමා තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කෙසේ නමුත් එම කාන්තාව ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නා අතර ටි 56 ගිනි අවිය මෝටර් රථය තුළට පැමිණියේ කෙසේද යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.