බොරැල්ල ආර්යා ළමා රෝහලට ඊයේ (20) දහවල් ඇතුළු වූ පුද්ගලයෙකු සාත්තු සේවිකාවන්ගේ මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
පලායමින් සිටි එම පුද්ගලයා අල්ලා ගැනීමට ගිය සුළු සේවකයෙකු ද පිහි ප්රහාරයට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වායු සමීකරණ අළුත්වැඩියා කරන මුවාවෙන් ඍජුවේ ආර්යා ළමා රෝහලේ තෙවන මහලේ හත්වෙනි වාට්ටුවට ඇතුළුව තිබූ එම පුද්ගලයා මුදල් පසුම්බි වල තිබූ මුදල් සොරා ගන්නා අයුරු අයුරු එහි සේවිකාවක් දැකීමෙන් අනතුරුව මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස හඹා ගිය සුළු සේවකයෙකු ඔහු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සඟවාගෙන සිටි උල් පිහියකින් ඔහුගේ හිස ප්රදේශයට පහර කීපයක් එල්ල කර පිටුපස තාප්පයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම සේවකයා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.