හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ.
ආබාධිත සහ විශ්‍රාමික රණවරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු කථානායකවරු වන චමල් රාජපක්ෂ සහ මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජොන්ස්න් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.