ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි වරෙන්තු ලද හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලැබෙන විසි හය දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනු ජාල ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
සැකකාර අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි පසුගිය සිකුරාදා දින වරෙන්තුවක් නිකුත් කළ අතර එම වරෙන්තු වූ ප්‍රකාරව අද උදෑසන සැකකරු අධිකරණයට භාරවිය.
සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සේවා දායකයාගේ වරෙන්තු ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් අල්ලස් කොම්ෂමේ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 26තෙක් ප්රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.