උසස්වීම් හා වැටුප්, දීමනා විෂමතාවයන්ට අදාල එකඟතා නොසලකා හැරීම ඇතුලු ගැටළු කිහිපයකට කඩිනම් මැදිහත්වීම නොලැබෙන්නේ නම් ලබන 22 වනදා පෙරවරු 8 සිට සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත්, අදාළ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම සඳහා තවදුරටත් සූදානම් බවයි ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු බලධාරීන්ට ලිඛිතව දැනුම්දී ඇත්තේ.
එම ගැටලු විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීමට මෙතෙක් දැරූ සියළු උත්සහයන් ව්‍යර්ත වී ඇතැයිද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.