විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වනවිට 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ 100, 413ක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
එමෙන්ම, විදේශ රැකියා නියෝජිත ලියාපදිංචි නොවී විදේශ ගතවූ සංඛ්‍යාව 64,150 වන අතර, එවැනි ආයතනයක් හරහා ලියාපදිංචි වී විදේශ ගතවූ සංඛ්‍යාව 36,263 ක්.
ඊට කාන්තාවන් 39,496 ක් ද පිරිමි පුද්ගලයින් 6,0917 ක් ද ඇතුළත්.
ඒ අතරින් වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම සංඛ්‍යාව 25,672 ක් වනවා.
එසේම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්, කටාර් රාජ්‍ය සඳහා 14,162 ක් ද, සෞදි අරාබිය සඳහා 12,625 පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වසරේ දී 340,000 ක් විදේශ ගත කිරීමට අපේක්ෂා කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.