ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හතරවන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ළඟාවීමට මෙම සතිය ඇතුළත හැකියාව පවතින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
අද (24) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, එක්සත් ජනපදය විසින් මේ වනවිට ලෝකයටම පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය හරහා නිර්මාණය වියහැකි නව ලෝක ආර්ථික තත්ත්වයන් පිළිබවද සැලකිල්ට භාජනය කරමින් පවතින බවයි.
“අපි හතරවෙනි සමාලෝචනය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික සාකච්ඡා ටික පවත්වමින් තියෙනවා. මේ සතියේ දී ඒ මූලික සාකච්ඡාවන් අවසාන වෙනවා. ඒ මූලික සාකච්ඡා ඉතාමත්ම සාර්ථක මට්ටමක තියෙනවා.
වොෂින්ටන් නුවර සාකච්ඡා පැවැත්වෙන්නේ. අපේ නියෝජිත කණ්ඩායම එහේ ගිහින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වැඩසටහන යටතේ ඒ නිර්ණායකවලට ළඟා වෙන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.
ඒ වගේම අමෙරිකානු එක්සත් ජනපදය විසින් ලෝකයටම පනවලා තිබෙන තීරු බදු ප්‍රතිපත්තිය නිසා නව ලෝක ආර්ථික තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ තත්ත්වයනුත් සැලකිල්ට භාජනය කරමින් තියනවා.
අපිට ඉතාමත් සුභවාදී බලාපොරොත්තුවක් තියනවා මේ සතිය ඇතුළතදීම. අපට හතරවෙනි කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ළඟාවෙන්න පුළුවන් වෙයි.”