පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අද සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට හෙට (25) , 28 හා 29 යන දිනවල ඒ සදහා පහසුකම් සලසා ඇතැයි කොමිෂන් සභාව පවසයි.
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරිවල යෙදන පොලිස් නිළධාරීන් සදහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විදුහලේ පිහිටුවා ඇතැයි මැතිවරණ කොමිෂම පවසයි.
ත්‍රිවිධ හමුදා නිලධාරින් සදහා එම නිළධාරින්ට අයත් හමුදා කඳවුරුවල ඒ සදහා පහසුකම් සලසා ඇතැයි කොමිෂන් සභාව සදහන් කරයි.