වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා පසුගිය අටවෙනිදා විශ්‍රාම ගෑමෙන් පුරප්පාඩු වූ එම තනතුරේ වැඩ බැලීමට ධර්මපාල මහතා දින 14ක කාලයක් සඳහා පත් කෙරිණි.
විගණකාධිපති තනතුර සඳහා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම් යෝජනාවී ඇතැයි දැනගන්නට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ .