මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණ යළිත් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වු බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ වෙතත් රැදවියන් විසින් එල්ල කළ ගල් මුල් ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඇතිවු තත්වය මත මාතර බන්ධනාගාරය තුල රදවා සිටි කාන්තා රැදවියන් 25 දෙනෙකු කඩනමින් ඔවුන්ගේ ආරක්ෂාව පතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කලේය.
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැදවියෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට තීරණය කිරිම නිසා සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් 500 කට වැඩි පිරිසක් ඉන් පිටතට පැමිණ කළහකාරීව හැසිරීමට පටන් ගෙන තිබුණි.
ඔවුන් බන්ධනාගාරය තුල වු දේපොල වලට ද අලුභ හානී සිදු කරන ලදි. මේ වන වීට මාතර බන්ධනාගාරය අවට පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ආදී වශයෙන් නිලධාරීන් 200 කට වැඩි පිරීසක් යොදවා පිටත ආරක්ෂාව තර කර තිබේ.