මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.
ලෝක ලේඛනයට මෙම වසරේදී ලෝක උරුම ලේඛන 74 ක් එක් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කළේය.
පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති මෙම ලේඛන හතරෙහි විශාල ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් ඇති බව යුනෙස්කෝ සංවිධානය පැවැසුවේය.
ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමික භක්තියකයන් අතර සමහිය ඇති කිරීමේ අරමුණින් මෙම ලේඛන නිර්මාණය වී තිබුණු බවද යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළේය.
මූලධර්මීය කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගොඩානගා ගත යුතු බවට ආගමික නායකයන් අතර හුවමාරු වූ ලිපි මෙන්ම සමස්ත සංවාදයම ඊට ඇතුළත් වේ. පිටු 27 හමාරක් දිග මෙම ලේඛනය තීන්ත භාවිත කරමින් අත් අකුරෙන් පිටපත් කර ඇත.
පානදුර වාද අනුස්මරණ කමිටුව වෙනුවෙන් රන්කොත් විහාරයේ විහාරාධිපති මහාචාර්ය කහපොළ සුවතරතන හිමියන් විසින් යුනෙස්කෝ සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලෝක ලේඛනයට මෙම ලේඛන ඇතුළත් කිරීම යුනෙස්කෝව මෙලෙස තීරණය කර තිබේ. ජාතික පුස්තකාල සේවා මණ්ඩලය හරහා මෙම ඉල්ලීම මහාචාර්ය කහපොළ සුවතරතන හිමියන් විසින් යුනෙස්කෝවට ඉදිරිපත් කරනු ලැබ ඇත.