සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.55 ට පිටත් වන දුම්රිය මධ්‍යම රාත්‍රි 12 ට මහනුවරට ළඟාවන අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 8.30 ට පිටත් වී මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ කොටුවට ළගා වන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම දුම්රිය යන එන ගමනේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ ද නතර කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.