කිලිනොච්චිය අම්බාල්කුලම් ප්රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි.
පියා පැදවූ ටිපර් රථයටම කුඩා දරුවා මෙසේ යටව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තවකුමාර් සින්දුජන් නමැති වයස අවුරුදු එක හමාරක් පමණ වන පිරිමි ළමයකු බව පොලිසිය සදහන් කරයි.
ටිපර් රථය පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර පියා ටිපර් රථය පිටුපසට ගැනීමේදී මෙම දරුවා ඊට යටව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.